Articles banner
මා විසින් මුහුණ පෑ සත්‍ය සිදුවීමකි! නදීර විජේසිංහ විසිනි.
 
 
  • දිනය - 2013 අප්රේල් මාසයේ දිනයක්
  • ස්ථානය - වත්තහේන කණිටු විදුහල

 

මම - ඉස්කෝලෙට විදුලිය ලැබීම නිසා සිදු වූ ලොකුම හොඳ මොකද්ද? විදුහල්පති - අපි මේ ඉස්කෝලෙට කරන්ට් එක ආවහම … ඉස්සෙල්ලම කරේ සල්ලි ටිකක් හොයාගෙන වතුර පොම්පයක් අරන් … වතුර ටැංකියක් හයි කරලා ටොයිලට් එකට වතුර දුන්නා මම - හ්ම්ම්ම් (මම හිත ඇතුලෙන් “ඕකේ ඉතින් මොකද්ද මහා හොඳේ ???”)

 

විදුහල්පති - එකෙන් කර ගත්ත ලොකුම දේ තමා අපි ළමයින්ට හරි විදියට වැසිකිලි යන හැටි කියල දුන්නා …. එතකන් එක ළමයෙක්වත් හරි හැටි වැසිකිළියට යන හැටි දැනන් හිටියේ නැහැ…..

 

මම වටපිට බැලුවෙමි…. මේ ඇත්තටම ලංකාවේ ඉස්කෝලයක්ද ? මම මගෙන්ම අසා ගත්තෙමි…. ඉස්කෝලෙට කරන්ට් දෙනකන් එක ළමයෙක්වත් වැසිකිළි යන්ඩ දන්නේ නැහැ??? එහෙමත් වෙන්ඩ පුලුවන්ද? මම ආවේ ප්රින්සිපල් ගෙන් ළමයි computer ටිකක් අරන් දාපු වැඩ කෑලි ගැන communication වැඩි වෙච්ච හැටි අහගන්ඩ නේ….. හොයා ගත්තේ වෙනම දෙයක්…..ඉස්කෝලටම නැහැ computer එකක්…. තියෙන්නේ වතුර පොම්පෙයි බුල්බ් ටිකකුයි විතරයි ඉස්කොලෙටම…..

 

මාගේ පශ්චාත් උපාධියේ පර්යේෂණයට අදාළ ක්ෂේත්ර පර්යේෂණයේදී වත්තහේන කණිටු විදුහලේ විදුහල්පතිතුමා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ කොටසකින් උපුටා ගත්තෙමි. මෙය ඉතා දුර බැහැර පාසලක් නොවේ…. ගාල්ල නගරයේ සිට පැයකට අඩු කාලයකින් ලඟා විය හැකි තැනකි. මෙම ගමට ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා දී ඇත්තේ 2010 වසරේදීය.

 

මිනිසුන් පරිසර දූෂණය නිසා මිය යන බව කියන ලිපියක් කියවන විටදී මට ඉහත සිද්ධිය ඊයේ මතක් වුණි …. මෙම ගමේ බිලිඳුන් කී දෙනෙක් හරි හැටි සනීපාරක්ෂක පහසුකම් නැතුව මිය යන්නට ඇත්ද? රෝගී වන්නට ඇත්ද? ලෙඩක් හැදුනහම ගමට තියෙන පාරේ යන්ඩ පුළුවන් ත්රීවීල් එකකට විතරයි… එකත් වහින දවසට බැහැ …..

 

මෙම පර්යේෂණය සඳහා ගමේ නිවාස 80 ක දත්ත රැස් කලෙමි… තවමත් එම ගමේ ගෙවල් වලින් 90% භාවිත කරන්නේ ගල් 3 ලිපයි . මෙය 8% ක කාර්යක්ෂමකතාවකින් යුක්තය… මෙහි සිදුවන අර්ධ දහනයෙන් නිකුත් වන වායු නිසා විවිධ රෝග වලට ලක්වන්නේ ප්රධාන වශයෙන්ම කාන්තාවන්ය… අප හොඳින්ම දන්නා කරුණක් වන්නේ කුඩා ළමුන් මව ආහාර පිසින තෙක් මවත් සමග මුළුතැන්ගෙයි සිටින අතර… කුඩා බිලිඳෙක් නම් මව ඔහු හෝ ඇයව වඩාගෙන කෑම පිළියෙළ කිරීම සුලභ සිද්ධියකි… මව ගැබිනියක් නම් නූපන් බිලින්දාට මෙලොව එලිය පෙරම මෙම අහිතකර තත්ත්වයට මුහුණ දීමට සිදුවේ.

 

ඔබ අන්තර් ජාලයේ සොයා බැලුවහොත් මේ සම්බන්ධයෙන් ලංකාවේ කර ඇති පරීක්ෂණ ඉතාම සීමිතය… ඉතාමත් කණගාටුවට කරුණ වන්නේ 70% ශ්රී ලාංකිකයින් දර ලිප් වල ආහාර පිසීමේ කටයුතු කලද මේ සම්බන්ධයෙන් ඇති අවබෝධය ඉතාම අල්ප වීමය. සර්වෝදය ලිප මෙම නිවෙස්වලට හඳුන්වා දුනහොත් මෙම වායු දූෂණය හරි අඩකින් අඩු කර හැකිය.

 

නමුත් ලංකාවේ නිවෙස් වලින් නොගිණිය හැකි තරම් ප්රමාණයකි මෙම කාර්යක්ෂම දර උදුන් භාවිතා කරනුයේ. නමුත් අපි මෙවැනි ආකාරයේ පරිසර දූෂණ ගැන වැඩිපුර කතා කරන්නෙත් නැහැ අධ්යයනයක් කරන්නෙත් නැහැ..… දරලිපවල් ගැන අධ්යයනය කරන එක ටිකක් තත්වෙටත් මදි නේ!

 

පුළුවන් හැම වෙලාවේම ගල් අඟුරු බලාගාරයක් සැදීම ලංකාවේ විශාලම පරිසර දූෂණය ලෙස පිටු ගණන් පත්තර වල ලිපි ලියමු…තාක්ෂණයෙන් ඉහල පරිසර දූෂණය අඩුකරලා (clean coal technology ) වගේ ඒවා කතා කරන එක හොඳම නැහැ….. මොකද එහෙම කතා කරොත් පරිසරවේදියා කියල තමුන්ට කියගන්ඩ බැරි වෙනවා…..

 

70% ලංකාවේ ගෙවල් වල භවිත කරන අකාර්යක්ෂම දර උදුන් වලින් යම් ප්රතිශතයක් කාර්යක්ෂම උදුන් වලට පරිවර්තනය කොට ඊට වැඩිය ලොකු පරිසර දූෂණයක් වලක්වා ගතහැකි ද කියලා හොයන්ඩ කාටවත් ඕනේ නැහැ…. මොකද? ගල් අඟුරු වලින් වෙන පරිසර දූෂණේ ගැන internet එකෙන් හොයල පිටු ගණන් ලියන එක හරිම ලෙසයි නේ…. ඒකම කර කර ඉමු!

 

ගම් වල මිනිස්සු ගෙවල් ඇතුලෙම වායු දූෂණය කරගෙන ලෙඩ හදාගෙන මැරිලා යද්දී…. හරියට වැසිකිලියක් භාවිතා කරන්ඩ දන්නේ නැතුව ලෙඩ හදාගද්දී…අපි දිගටම එහෙමම කර කර ඉමු!

 

අර මම කලින් කියපු ගමේ ඉස්කෝලේ මාසෙකට පාවිච්චි කරන්නේ විදුලි යුනිට් 10 ට අඩු ගානක්…. ගොඩක් ගෙවල් වල මාසෙටම භාවිතා කරන්නේ යුනිට් 30 කට අඩුවෙන්… මේ මිනිස්සු ලයිට් එකක් දෙකක් දානවා… වැඩිම කරන්නේ TV එක බලනවා…. Washing machine , microwave , fridge මේ මිනිස්සු ගොඩක් අය දැකලත් නැහැ…. ඒවා ගත්තත් ඉතින් ලයිට් බිල ගෙවන්නේ කොහොමද? තියෙන ලයිට් බිලත් දරාගන්ඩ අමාරුයි මේ මිනිස්සුන්ට! මේ ගමේ ගෙවල් වලින් 90% කම මාසේ මුළු ආදායම රු. 20,000 ට අඩුයි! ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවන තත්වේ ගැන හිතාගන්ඩ මීට වැඩිය උදාහරණයක් ඕනෙද?

 

අපි AC කාමර වල ඉඳගෙන ලෝකේ තියෙන ඔක්කොම logic දාල 6 ගුණයක් වැඩියෙන් ගෙවල ඩීසල් බලාගාර හදමු …එතකොට අපිට පුළුවන් තව තව අර වගේ මිනිස්සුන්ගේ ජීවන තත්වේ පල්ලෙහට දාන්ඩ …. ඇති නැති පරතරේ තව වැඩි කරගන්ඩ පුළුවන්..…..ඔය වැඩේට සම්මාදම් වෙන විද්වත්තු ටිකට සල්ලි තියෙනවා ඔක්කොම විදුලි උපකරණ ටික තමන්ගේ ගෙවල්වලට අරන් තමන් සුවපහසු ජීවිතයක් ගත කරන්ඩ… මොකෝ ඔය මිනිස්සු ගෙදර ගිහින් washing machine එක දාද්දි හරි අලුත්ම electric car එක charge කරද්දී රෑට එකට විදුලිය එන්නේ solar වලින් wind වලින් නෙවෙයි….වැඩි හරියක් Coal වලිනුයි ඩීසල් gas turbine වලිනුයි… (ඔය රෑට දාන gas turbine වල unit එකට රු. 50 කට වැඩි ගානක් ගෙව්වට මොකෝ අපි AC එකත් දාගන්නවා මීට අමතරව).... අනික් එක ඔය පරිසර ලිපි ලියන ගොඩක් දෙනෙක් ට ප්රයෝගික දැනුමකුත් නැහැ කතා කරන විෂය (බලශක්තිය) සම්බන්ධයෙන් …කතා කරන්නේ පරිසරේ ගැනම විතරයි...එකේ ප්රයෝගික බවක් ගැන හිතන්නෙම නැහැ... කතා කරන්නේ මොනවද කියල දන්නෙත් නැහැ… න්යායාත්මක (theory ) කරුණු ටිකක් internet එකෙන් අරන් පත්තරේට ලියල මහජනතාව නොමග යවනවා… ඔය ඉතින් න්යායාත්මකව බැලුවොත් අහස් යානාවක් තමන්ගේ ඔලුවට කඩන් වැටිලත් මැරෙන්ඩ පුළුවන්… හැබැයි ඉතින් ඒක කොච්චර අඩු සම්භාවිතාවක්ද? මටත් පුළුවන් ඕනේ නම් එහෙම ප්ලේන් එකක් ඇඟට වැටිලා මැරෙන එකේ බිහිසුණුකම ගැන පිටු 3-4 ලියල දෙන්ඩ පත්තරේට… හැබැයි ඉතින් ඇත්තටම වෙන්ඩ පුළුවන් දේ තමා වාහනේක හැප්පිලා මැරෙන එක…. ඔය දෙක මම කිව්වේ සංසන්දනය කරලා බලන්ඩ - ගල් අඟුරු වලින් වෙන පරිසර දූෂනෙයි ගෙවල් ඇතුලේ ලංකාවේ මිනිස්සු 70% කරගන්න පරිසර දූෂණේ එක්ක … අපි කවුරුත් පාරේ යද්දී උඩ බල බල යන්නේ නැහැ නේ ප්ලේන් එකක් ඇඟට වැටෙයි කියල… අනික් එක ලංකාවේ පරිසර දූෂණේ වැඩිම මහනුවරයි කොළඹයි…. එකට හේතුව මොකද්ද කියල කවුරුත් දන්නවා නේ!

 

අපේ මිනිස්සුත් (දේශපාලකයෝ ඇතුළුව) මේ පොතේ ගුරාලා කියන ඒවා අහනවා කිසි හෙවිල්ලක් නැතුව.. මේ සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති මිනිස්සු (උදා - අනුර විජේපාල මහතා, ආචාර්ය තිලක් සියඹලාපිටිය වගේ දෙස් විදෙස් පිළිගත්ත විශාරදයින් ) කියන ඒවා කනකට ගන්නේ නැහැ…මොකද ඒ මිනිස්සු පෙන්නලා දෙන යථාර්තෙට කැමති නැහැ… කැමති අර පරිසරවේදියෝ කියල කියාගන්න අය පෙන්නන ෆැන්ටසි එකේ ඉන්ඩ … අනික් එක දැනුමක් ඇති මිනිස්සු කියන දේවල් ටික ඔලුවටත් ටිකක් බරපතළයි …..

 

දැන් ඉතින් අර කලින් කතාවම තමා - ස්වභාවික වායු බලාගාරයක් කියල 300MW LNG plant බෝඩ් එක දාල … එකට ඩීසල් දාල දුවනවා රු. 45.75 වගේ ගාණක් ගෙවල (කෙරවලපිටිය හදන unit එකකට Rs. 45.75 ගෙව්වා........... නොරොච්චෝලේ unit එකකට වියදම් වුනේ Rs 7.63.... (Source - PUCSL 2015 Generation Performance))….. ඩීසල් වලින් වෙන පරිසර දූෂණේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ….මොකද දාල තියෙන බෝඩ් එක full Sustainable බෝඩ් එකක් නේ! නැත්තන් ඉතින් කෙරවලපිටිය ගැනත් ඔය වගේ පිටු ගණන් ලියන්ඩ එපයි ඔය පරිසරවේදියෝ කියලා කියාගන්න ඇත්තෝ! හැමෝම උදහරනෙට ගන්න ජර්මනිය ඇයි තාම 44% විදුලිය ගල් අඟුරු වලින් හදන්නේ කියල ඔය පරිසර දූෂණ රචනා ලියන අය තමුන්ගේ හදවතින්ම අහල බැලුව නම් තමා හොඳ……

 

මෙවැනි විනාශයක් අපිම එකතුවෙලා අපේ ආර්ථිකේට කරගෙන දේශපාලකයෝන්ට බැන බැන ඉමු….. හැබැයි ඉතින් බහුතරේට පෙන්නේ නැහැ මේ විදියට මිනිස්සු ටිකයි දේශපාලුවෝ ටිකයි නොමග යැව්වේ කවුද කියල…… අපි ඉතින් ණය බරෙන් නිදහස් වෙන හැටි…. තුන්වෙනි ලෝකයේ දියුණුවෙන රටක් කියන එකෙන් සංවර්ධිත රටක් වෙන හැටි ගැන හිත හිත ඉමු!

 

කාට හරි මගේ පර්යේෂණයේ නිබන්ධනේ ඕනේ නම් මේ ලින්කුවෙන් ගන්ඩ පුළුවන්.

 

සුපුරුදු පරිදි සංවාදයට විවුර්තයි!

 

මීට අදාල කලින් ලිපි -

නදීර විජේසිංහ.

 
Eng. Nadeera Wijesinghe holds a Masters in Energy Systems from University of Gavle and B.Sc (Eng) Hons from University of Moratuwa specializing in Electrical Engineering. He is also a Project Management Professional (PMP) of PMI, USA. Currently he serves as Senior Electrical Engineer - Power System Designs at M.A. Consultants in the State of Qatar.
 
articles submit
 
IESL-Council-Members-2016-17
 
"All Council Members can be contacted via email or phone by first login as a member to MyIESL and then acceding the Council Directory. It is also possible to communicate your concerns from anywhere in the world by posting them to the Forum - Meet The President and Council from the Forum page"
 
slen
Digital SLEN Issue 29
Digital SLEN Issue 28
Digital SLEN Issue 27
Digital SLEN All Issue
Follow us on
 
Facebook Twitter Youtube IESL Slideshare
 © 2013 IESL. All rights reserved  Follow us on twitterLike our facebook pageIESL souvenir
Powered by Wild Apricot Membership Software