Letters to the Editor
විදුලි ඉංජිනේරු නදීර විජේසිංහ විසින් ඉංජිනේරු තරිඳු ජයත් වෙත පිළිතුරක්
 

මාර්තු මස 9 වැනි දින මා හට යොමු කරන ලද පිළිතුරු ලිපිය සම්බන්ධයෙනි. පළමුව පැවසිය යුත්තේ 2016 නොවැම්බර් මස SLEN මැගසිනයේ පළ වූ මා විසින් රචිත ලිපියේ මාතෘකාව "මා විසින් මුහුණ පෑ සත්ය සිදුවීක්මක - නදීර විජේසිංහ විසිනි” යන්න මිසක් ඔබේ පිළිතුරු ලිපියේ ඇති පරිදි "ශ්‍රී ලංකාවේ ගල් අඟුරු බලශක්තිය” නොවන බවයි.

 

මා විසින් ලිපියෙන් ඉස්මතු කොට පෙන්නීමට උත්සාහ කලෙත් මට ලැබුණු බහුතර පාඨක ප්‍රතිචාර වලින් තේරුම් ගත් පරිදි බොහෝ පාඨකයන් ලබාගත් ප්‍රධාන පණිවිඩය වුයේත් දරාගැනීමට නොහැකි මිලකට විදුලිය ලබා දීමෙන් ඇතිවන සමාජීය ගැටලුය. (social  impacts of NOT having affordable electricity ). මෙම මානය අප රටේ බලශක්තිය ගැන කථා කරන බොහෝ දෙනෙකුට නොපෙනෙන බැවින් එය පෙන්නා දීමය මාගේ උත්සාහය වුයේ.

 

කෙසේ නමුත් මාගේ යථෝක්ත ලිපියේ පෙන්වූ කරුණු වලින් ඔබ සහ ඔබ ආයතනය උකහාගෙන ඇත්තේ වෙනස් දැක්මක් බවත් මාගේ ලිපියේ ඇති එක් වාක්‍යක් ආශ්‍රයෙන් ඔබ පිළිතුරු ලිපිය ලියා ඇති බවත් පෙනීයයි. මා විසින් පිළිගත් මූලාශ්‍ර ආශ්‍රයෙන් ලිවූ ලිපියට ඔබ රටේ තවත් ඉංජිනේරුවෙකු වශයෙන් දැක්වූප්‍රතිචාරයට  මා ගරු කරන අතර එයට පිළිතුරු ලිපිය මෙසේ ලියමි.

 

මාගේ ලිපියේ මා විසින් උකහාගෙන ඇති මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) 2015 වර්ෂයේ විදුලි ජනන වාර්තාවේ ඇති ගණන් මිනුම් සාවද්‍ය” බව ඔබේ ලිපියේ සඳහන් කොට ඇත. ඔබ කිසිදු ගණනය කිරීමක් නොමැතිව මෙමප්‍රකාශ කර ඇත. ඉංජිනේරුවෙකු වශයෙන් ඔබ මෙසේ කිරීම මෙය බරපතල කාරණයකි. මා ඔබට අභියෝග කර පවසන්නේ එම ගණන් මිනුම් වැරදි නම් නිවැරදි ගණනය කිරීම අදාල මූලාශ්‍ර සහිතව ඉදිරිපත් කරන ලෙසය.

 

මා විසින් උකහාගත් වාර්ථාව 2015 වර්ෂයේ එකකි - අවම වශයෙන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් කල් ගිය වාර්තාවකි. ඉතින් එවැනි වැරදි වාර්තාවක් පිලිබඳ ඔබ ආයතනය මාගේ ලිපිය පලවන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේද? ගත්තේ නම් ඒ පිළිබඳවද අප පාඨකයන් දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. නැතහොත් මාගේ ලිපිය ඇස ගැටෙන තුරු එවැනි වාර්තාවක් ඇති බව දැන නොසිටියේද?

 

ඔබේ ලිපියේ මෙම PUCSL වාර්තාවේ ඇති ගල් අඟුරු විදුලි ජනන ඒකකයක පිරිවැය රු. 7.63 වැරදි බව (ඔබේ වචනයෙන් "සාවද්‍ය" ) බවත් එය ඊට වඩා ඉහල අගයක් ගතයුතු බවත් ගණනය කිරීමකින් තොරව පවසය. ඔබ 2015 මහ බැංකු වාර්තාව අධ්‍යනය කර බැලුවහොත් එහි සඳහන් වන්නේ 2015 වර්ෂයේ මෙම අගය රු. 7.33 බවය. තවත් ලෙසකින් පැවසුවහොත් ඔබ පවසන්නේ මහා බැංකු වාර්තාව ද සාවද්‍ය බවය. ඔබගේ ගණනය කිරීමට අනුව ලංකාවේ අය වැය පරතරයද රජයෙන් පවසන අගයට වඩා වැඩි විය යුතුය. මක් නිසාද යත් වියදම් අඩුවෙන් පෙන්වා ඇති බැවිනි.

 

2015 මහා බැංකු වාර්තාවත් PUCSL වාර්තාවත් වැරදි යි කීමට ඔබ සතුව ඇති ඔබ නිවැරදි යි පවසනක්‍රමවේදයත් එහි මූලාශ්‍රත් අප පාඨකයනුත් මාවත් දැනුවත් කිරීමට කෙරවලපිටිය බලාගාරයේ වගකිව යුතු කළමනාකරු ලෙසත් ඉන්ජිනේර්වරයකු ලෙසත් අවශ්ය ක්‍රියාමාර්ග ගැනීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටිම. ඔබ විසින් සොයා ගත්තා යැයි කියන එම ගණනය කිරීමේ දෝෂ ලංකා ආර්ථිකයේ නව පිටුවක් පෙරලනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

 

යථෝක්ත ලිපියේ ඇත්තේ කෙරවලපිටිය බලාගාරයේ ඒකක පිරිවැය ගණනය කිරීමේදී පමණක් මෙහෙයුම් පිරිවැයට අමතරවව්‍යාපෘති පිරිවැයද එකතු කර ඇති බවය. මෙය පාඨකයා නොමග යැවීමට සහ සරල ප්‍රශ්නයක් ඉතාමත් සංකීර්ණ කොට පාඨකයා වික්ෂිප්ත කිරීමට ගත් උත්සහයක් පමණක් බව පෙන්වදෙන්නෙමි. ඔබ PUCSL වාර්ථාවේ 12 පිටුව හොඳින් නිරීක්ෂණය කළහොත් සියලුම විදුලි බලාගාර වල ඒකක පිරිවැය ගණනය කර ඇත්තේ පහත සමීකරනයෙනි.

  • ඒකක පිරිවැය = (CEB මගින් අදාළ බලාගාරයට වියදම් කල මුදල) / (බලාගාරයෙන් ජනනය කල විදුලි ඒකක ගණන)

එසේ නොමැතිව ඔබ පවසන පරිදි මෙම ගණනය කිරීම් ඉන්ධන වියදම්  ආශ්‍රයෙන්  පමණක් කලේ නම් මහා පරිමාණ ජල විදුලි බලාගාර වල එකක පිරිවැය සාමාන්යය රු. 3.37ලෙස ගණනය වන්නේ කෙසේද යන සරල ප්‍රශ්නය ඔබෙන් ඇසීමට කැමැත්තෙමි.

 

තවද ඔබ දක්වා ඇති ජනන  ප්‍රමුඛතාව (merit order of dispatch) උක්ත ගණනය කිරීම සමග සම්බන්ධ වන්නේ කෙසේද? කෙරවලපිටිය බලාගාරයට පමණක් වෙනස් ගණනය කිරීමක් කල සාක්ෂි තිබේද? නැතිනම් CEB මගින් ඔබ බලාගාරයෙන් 2015 ප්‍රථම භාගයේ ජනනය කල විදුලි එකක මිලියන 131 සඳහා ලැබුණු ගෙවීම රුපියල් මිලියන් 5,991 ට වඩා අඩු මුදලක්ද? අදාළ නොමැති කරුණු ගෙනහැර පාමින් පාඨකයා වික්ෂිප්ත කිරීමට ඔබ ගෙන ඇති උත්සාහය පසෙකලා මෙම පැහැදිලි කිරීම් අදාලමූලාශ්‍ර සහිතව පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි.

 

ඔබගේ ලිපියේ නිරීක්ෂණය කල හැකි තවත් කරුණක් වන්නේ ගල් අඟුරු බලාගාරයේ වියදම් වාර්තාවලට වඩා ඉහල බවත් යම් යම් වියදම් නොසලකා ඇති බවත් ලිපිය පුරා කරුණු ගෙන හැර දැක්වීමය. තවත් විදියකින් පැවසුවහොත් ගල් අඟුරු වලින් විදුලිය ජනනය මිල අධික බව පෙන්වීමට තැත් කිරීමයි. එහි යටි අරමුණක් හෝ සැඟවුණු අරමුණක් හෝ ඇති යි මම නොකියමි. නමුත් ඔබ පිළිතුරු ලිපියකින් ගණන් මිනුම් සහිතව එම කරුණු සාක්ෂි සහිතව ඔප්පු කරනු ඇතැයි සිතමි. තවත් සිත් ගන්නා කාරණයක් වන්නේ රජයේ බදු ඉවත්කලහොත් කෙරවලපිටියේ සංයුක්ත බලාගාරයේ ඒකක පිරිවැය රු. 11.63 බව පැවසීමය. මෙම අගයත් මහජන මුදලින් 2015 වර්ෂයේ ඔබ බලාගාරයට ගෙවා ඇති රු. 45.75 ක එකක අගයත් අතර වෙනස සැදෙන්නේ කෙසේදැයි පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි (නඩත්තු වියදම් මිල ප්‍රාග්ධන වියදම් රාජ්ය බදු ආදී වශයෙන් ). තවද මෙගාවොට් එකක් සඳහා කෙරවලපිටිය බලාගාරයේව්‍යාපෘති  පිරිවැය නොරොච්චෝලේ බලාගාරයට වඩා අඩු නම් කෙරවලපිටිය බලාගාරයේ capacity charge අගය අඩු විය යුතුය. මේ පිළිබඳව ඔබ අප සියලු දෙනාට ගණන් මිනුම් ඇතිව ඔබගේ ගණනය කිරීම අප උදක්ම බලාපොරොත්තු වෙමු.

 

අවසාන වශයෙන් කීමට ඇත්තේ ඔබ දැනටප්‍රසිද්ධියට පත්කොට ඇති ඉතා වැදගත් රාජ්‍ය වාර්තා දෙකක "සාවද්‍ය" බව කිසිදු තාර්කික ගණනය කිරීමකින් තොරව පවසා ඇත. මා ලිපියෙන් මතුකළ ප්‍රධාන  කාරණය - එනම් ඩිසල් බලාගාර / දැවිතෙල් වලින් විදුලිය ජනනය කිරීම අප ආර්ථිකයට දරාගත නොහැකි පාඩුවක් සිදුවන බවත් එහි සමාජීය හා පාරිසරික බලපෑම දැකීමට ඔබ අපොහොසත් වී ඇති බවත් තවත් මෙගාවොට් 300 ක ස්වභාවික වායු බලාගාර නාම පුවරුවක් සහිතව දැවිතෙල් / ඩිසල් බලාගාරයක් සැදීමට තැබූ පළමු පියවරක් ලෙසත් ඔබේ ලිපිය මම දකිමි. එවැනි ව්‍යාපෘතියක් (සැලසුමේ ටෙන්ඩර් පත්‍රිකාවට දිගුව hyperlink කර ඇත). දැනටමත් ඔබ සේවය කරන විදුලි බලාගාරය ආසන්නයේම ක්‍රියාත්මක කිරීමට සැලසුම් ඇත. එවැනි සැලසුමකින් තවත් මහජන මුදල් ගරා ගැනීමට අමතරව එම  ව්‍යාපෘති සාධාරණීකරණය කරන්නට ලිපි ලියන්නේ ඔබේ ලිපියේ ඔබම පවසා ඇති පරිදි "ඒ පිළිබඳව දැනුමක් නොමැතිවද? නැතිනම් පටු පරමාර්ථ වෙනුවෙන්ද? පොදු ජනයා වික්ෂිප්ත කිරීමටද” නැතිනම් ඒ සියල්ලටම දැයි සිතීම බුද්ධිමත් පාඨක ඔබට සිතීමට ඉතුරු කරමින් ලිපිය අවසාන කරමි.

 

විදුලි ඉංජිනේරු - නදීර විජේසිංහ

 

ප. ලි. - යෝජිත සාම්පුර් බලාගාර ව්යාපෘතිය අවලංගු කොට එම මෙගාවොට් 500 කෙරවලපිටිය වැනි දැවිතෙල් / ඩිසල් වලින් විදුලිය ජනනය කරන (ස්වභාවික වායු බලාගාර බෝඩ් එකක් ඇති) බලාගාරයක් දැමීමෙන් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව වර්ෂයකට මත්තල ගුවන් තොටුපළ වැනි ගුවන්තොටුපළවල් හතරක් සෑදීමට ප්‍රමාණවත්  මුදලකි. මේ එම විදුලිය නිපදවීමට යන මුළු මුදල නොවේ - වැඩිපුර ගෙවීමට සිදුවන මුදලයි.


 

 
When as things don't happen on time
 

Dear Editor,

 

I must congratulate you and the team who puts out the digital SLEN for this session. I see increased number of articles even a sprinkle of Sinhala ( the latest article in Sinhala by Eng. Nadeera was intriguing). Wish to see more of that and also in Tamil.

 

One of our Past Presidents made a great suggestion at a recent Council meeting. He said it's OK to do things in the public in native and official languages, but, it's fair to give a translation in English ( at least summary ) since our membership is multiethnic. Please look into creating English summaries. By the way this goes to English ones as well! However, I do not want to burden you with a task of putting summaries in Sinhala and Tamil.

 

Your editorial on the GARBAGE issue was very good. So was President's message giving a good update on what is going on at IESL within and nationally. I think the current President is using the digital SLEN which is a feature of our current membership management system well, to get IESL message out! That's exactly what the President should do with a news paper of our own.

 

However, I still think SLEN is not the Voice of Sri Lankan Engineers. For it to be that and become a National Force ( it can be and over the years the idea of going National has been around but no Editor has done it yet), we must get lot more input from all corners of Sri Lanka and abroad where our engineers work and live. I personally know you have taken lots of steps to get such input, which is why some very interesting articles are appearing.

 

We can do better with our members support. I would encourage more multimedia clips ( videos / voice recordings) in our articles. It might be good for you to go with a team of enthusiasts ( engineers) to our Provincial Chapters and actually make such documentaries utilizing smartphones, alone! This is the technology and future. It will also get our engineers, especially the young who are out in rural Sri Lanka to show case great projects, social issues, festivities, etc. in multimedia.

 

Such a digital SLEN will be truly a "digital voice of engineers"

 

I also request never to publish any article without a contributing party's name or names.

 

I am very encouraged by the work you and the team is doing. Especially given the fact that I was the implementor / initiator of the digital SLEN in 2013 with then Editor, Eng. (Dr) U P Nawagamuwa and the ever green Mr. Srinath Dolage ( digital creator of SLEN that IESL hired in 2013 and still with us) under the visionary leadership of PP Eng. Tilak De Silva.

 

I like to see IESL invest funds to take this digital voice of the Sri Lankan Engineers global. When we spend Members funds on so many things, by investing a few hundred thousands a session, we could reap massive economic and social returns. Previous suggestions in the past have gone to deaf years or blind eyes. We have many pressing National and Professional issues we must discuss in SLEN in all languages and take public. That's how Engineers are going to be seen as leaders.

 

Dear Editor, Please lead the charge as one of our own engineers thriving in the digital ecosystem!

 

As you know, I am always there to uplift SLEN.

 

Sincerely,

 

Eng. Arjuna Manamperi, FIE ( Sri Lanka)
Chair - Mechanical Engineering Sectional Committee,
Council Member (2014/2015 to present)

articles submit
 
IESL-Council-Members-2016-17
 
"All Council Members can be contacted via email or phone by first login as a member to MyIESL and then acceding the Council Directory. It is also possible to communicate your concerns from anywhere in the world by posting them to the Forum - Meet The President and Council from the Forum page"
 
slen
Digital SLEN Issue 33
Digital SLEN Issue 32
Digital SLEN Issue 31
Digital SLEN All Issue
Follow us on
 
Facebook Twitter Youtube IESL Slideshare

 

 

 

 © 2013 IESL. All rights reserved  Follow us on twitterLike our facebook pageIESL souvenir
Powered by Wild Apricot Membership Software